ඉඟි බිඟි දෑසේ බැල්මන් වැහේ
සුරලිය ඈ නේදෝ ඒ හිත මට දෙදෝ
සිලි සිලි වැස්සේ තෙමි තෙමි සිතුසේ
දෙනවද ආශාවෝ දෙවිදුව කාගේදෝ

ඉගිනොල සිහිවෙනා නිල් නෙත්වල රුව මැව්නේ
රූ පුරා වෑහෙනා සඳ රුවමයි මා දැක්කේ

සදවතයි ඈතින් මඟ එන්නේ
තරුමල් රුවයි දෑසේ
ඒ හැඟුම් හුස්මයි නවතන්නේ
දැනෙයි ගැස්ම ඈ හෘදේ
නෙත් සරින් රූ පවා ගැස්සේ
‌ඉන්න තැන අමතක වෙලා

නූඔ නිසයි රෑට සඳ කෙම් වැස්සේ
රැය පුරා රිසි සේ
නුඹෙ නුරාවත වින්දේ හිතමයි
මේ සුසුම් සාදයේ
ඉගිකලා බැල්ම සිතුලෙසේ රහසේ
සිත මගේ ගැස්සිලා